Friday, March 12, 2021

High Power Emergency Down Light



100% ක් දේශීය නිෂ්පාදන ආයතනයක් වන ට්‍රයිටෙක් ග්‍රීන් එනර්ජි පෞද්ගලික සමාගම මගින් නිෂ්පාදනය කරනු ලබන High Power Emergency Down Light සුවිශේෂී නිෂ්පාදනයක් වීමට හේතු වූ කරුණු පිළිබඳව මින් ඉදිරිපත් කෙරේ. මෙම Emergency Light නිෂ්පාදනයේදී යොදාගනු ලබන LED, බැටරි, LED රඳවනු ලබන මුහුණත් කොටස හැර අනෙක් සියළුම කොටස් අප කර්මාන්තශාලාව තුළ නිපදවන අතර Powder Coatingද  තාක්ෂණය යොදාගනිමින් වර්ණ ගැන්වීම සිදුකරනු ලබන අතර එමගින් නිෂ්පාදනය හානි වීමකින් තොරව දීර්ඝ කාලයක් භාවිතා කළ හැකිය. මෙහි LED Head එක  Die-cast Aluminum යොදාගෙන නිර්මාණය කර ඇති අතර තාපය පිටකිරීමේ සීඝ්‍රතාව ඉහළය. පරිපථය නිර්මාණය කිරීමේදී CNC තාක්ෂණය යොදාගනිමින් නිෂ්පාදන ක්‍රියාවලිය සිදුකරන අතර, සැළසුම් සියල්ල ට්‍රයිටෙක්  ග්‍රීන් එනර්ජි පෞද්ගලික සමාගම තුළදී සිදුකරන ලද පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාවලීන් සමූහයන්ගේ එකතුවකි. වෙළෙඳපොළෙහි පවතින වෙනත් නිෂ්පාදන මෙන් නොව ගුණාත්මක බවින් ඉහළ අපගේ නිෂ්පාදන විදුලිය විසංධි වූ පසු පැය 12කට වඩා වැඩි කාලයක් දැල්වී පවතින අතර වොට් 10ක ජවයකින් දැල්වේ. එනම්, සූත්‍රිකා බල්බයන්හි වොට් 100ක බල්බයක ආලෝකයට සමාන අලෝකයක් ලබා දේ. ඉහළ ප්‍රමිතියකින් යුතු අමුද්‍රව්‍යය යොදාගනිමින්, තත්ත්ව කලමනාකරණය ඉහළ ලෙස තබාගනිමින් නිෂ්පාදනය කරනු ලබන මෙම Emergency Light සඳහා ලොව වටා ඉහළ පිළිගැනීමක් ඇති උසස් තත්ත්වයේ BRIDGELUX (USA) LED යොදාගන්නා අතර  බැටරියද ආරක්ෂක පරිපථයකින් (PCM) සමන්විත ඉහළ ගුණාත්මික බවකින් යුතු LiFePO4 බැටරියකි. අප නිෂ්පාදනයේ අනෙකුත් ගුණාංගයන් පහත පරිදි වේ. 

  •        Color Temperature: 7000K / 3000K
  •        Beam Angle : 90°
  •        Charging Time : 6 hrs.
  •        Backup time: 12 hrs.

වෙළෙඳපොළෙහි පවතින අනෙකුත් නිෂ්පාදන වලට වඩා අප නිෂ්පාදනයන් උසස් තත්ත්වයේ වීමට හේතූන් පහත පරිදි සංක්ෂිප්තව දැක්විය හැක.

  •        විදුලි විසංධි වීමකදී දැල්වෙන කාලය දීර්ඝ වේ.
  •        පිපිරීම් හා ගිනි ගැනීම් වැනි අනතුරු වීමට හැකියාවක් නොමැත.
  •        අලුත්වැඩියා කිරීමට පහසු වීම.
  •        බැටරිය පමණක් ප්‍රතිස්ථාපනය කිරීමට ඇති හැකියාව.
  •        බැටරියෙහි අවුරුදු 2 සිට 4 දක්වා වූ ආයු කාලය.
  •        අවුරුද්දක පූර්ණ වගකීම් සහතිකයක් සහිත වීම.
  •        වසර 5ක සේවා වගකීම් සහතිකය.
  •        අකුණු වලින් සිදුවන හානිය අවම වීම. Surge Protection සහිත වේ.

අප සමාගමෙහි නිෂ්පාදනයන් දැනට ශ්‍රීලංකාවේ ප්‍රධාන පෙළේ ආයතන වන ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා බැංකුව, කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, කාර්ගිල්ස් ආයතනය, MAS ආයතන සමූහය, රයිනෝ ආයතනය වැනි ආයතන මෙන්ම Access, Ilukkumbura වැනි ප්‍රමුඛ පෙළේ ඉදිකිරීම් ආයතනද භාවිතයට ගනු ලැබේ.

                                 

Organic Farming at Tritech Green Energy Pvt Ltd.

  “මගේ rooftop එකේ ටැංකිවල කාබනිකව වගා කරලා තියෙන scotch bonnet කොච්චි වල සහ අනෙක් වගාවල   වීඩියෝ සහ photos දැම්මා ඔයගොල්ලන්ට බලන්න. මේ කොච්...